Sunday, May 15, 2016

අවාසනාවන්ත දකුණු අප්‍රිකාව

මෙතෙක් සහබාගී වූ සියලුම ලෝක කුසලාන තරගාවලියන්හීදී කුසලානය සදහා ඉදිරියෙන්ම සිටි කන්ඩායමක් ලෙස දකුනු අප්‍රිකාව හැදින්විය හැකිය. 70 දශකයේදී වර්නබේදවාදය හේතුවෙන් ඔවුන්ට ක්‍රිකට් තහනම් විය. 1991 වසරේදී නැවත ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට දොරටු විවර විය.

1992 වසරේදී කැන්ගරු දේශයේදී ඔවුන් තම කුලුදුල් ලෝක කුසලාන තරගාවලියට සහබාගී විය. ලකුනු 22 පන්දු 7ක් තුල ලබා ගැනීම ඔවුන්ගේ ඉලක්කය විය. ඔවුන්ගේ ලෝක කුසලාන ජයග්‍රහනයට වර්ෂාව හරස් විය. වර්ෂාවෙන් පසු ඔවුන් පන්දුවට පහර දීමට එනවිට එක් පන්දුවකට ලකුනු 22 ක් ලෙස එවකට තිබූ ගනනය කිරිමේ ක්‍රමවේදය ගනන් බලා තිබුනි. ඉතින් කුමක් කරන්නද මීලග ගුවන් යානයෙන් තම මව් රටට පැමිනීම හැරුනු කොට ?

1996 ලෝක කුසලාන තරගාවලියට දකුනු අප්‍රිකාව සහබාගී වන්නේ සිව් වසරකට පෙර කැන්ගරු දේශයේදී අහිමි වූ කිරුල ආසියානු බිමේදී ලබාගනු පිනිසයි. පිලිමලුන් පිටුදැකීමේ අයුරින් පැවති අර්ධ අවසාන පුර්ව වටයේදී ඔවුන්ගේ සාම්ප්‍රධායික ප්‍රතිවාදීන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් ලකූනු 264 ක් ලබා ගත්තේය. ලකූනු 264ක ඉලක්කයක් හබාගිය දකුනු අප්‍රිකානු ලකුනු පුවරුව වරෙක එක කඩුල්ලක් දැවී ලකුනු 118ක් ලෙස සදහන් විය. සිදුවූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතබාවය හෝ දකුනු අප්‍රිකානුවන්ගේ අවාසනාව හෝ කුමන කරුනක් දැයි නොදනිමි. නමුත් අවසානයේදී ඔවුන්ගේ ඉනිම ලකුනු 245කට නතර විය. බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුනු 19ක ජයක් හිමි විය.

1999 ජූලි මස 13 වෙනිදා පලමුව පන්දුවට පහර දුන් දකුනු අප්‍රිකාව ලකුනු 271 ක් ලබා ගත්තේ ගිබ්ස් ලබාගත් ශතකය නිසාය. ලකූනු 272ක ඉලක්කයක් හබාගිය කැංගරුවන් පන්දු වාර 38කදී ලකූනු 152ක් කඩුලු 3කට ලබා සිටියේය. “Catches win matches”කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය කියමනක්. තරගය පුරාම වචන හුවමාරුවක් ගිබ්ස් හා ස්ටීව් වෝ අතර සිදු විය. ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් වෝ විසින් ලබා දුන් උඩපන්දුව මිඩ්විකට් හි පන්දු රකිමින් සිටි හර්ෂල් ගිබ්ස්ගේ අතේ සුරක්ෂිතව පතිත වූවද ඔහු එය සැමරීමට සැරසෙද්දී පන්දුව ඔහුගේ අතින් ගිලිහුණේය. එම අවස්ථාවේදී වෝ විසින් ගිබ්ස් හට කුමක් හෝ පවසනවා වීඩියෝ දර්ශන වල පැහැදිලිව සටහන් වී තිබුනේය. ස්ටීව් එදා පැවසුවේ ("You have just dropped the world cup mate") "යාළුවා, උබ ඒ අත ඇරියේ ලෝක කුසලානයයි" කියායි. කෙසේ වෙතත් අවසානයේ ස්ටීව් වෝ අනර්ග ශතකයක් රැස් කරගන්නා අතර ඕස්ට්‍රේලියානුවන් පන්දු දෙකක් ඉතිරිව තිබියදී තරගයද ජයගත්තේ අවාසනාවන්ත දකුණු අප්‍රිකානු බලාපොරොත්තු සුන් කරමිනි.

ක්‍රිකට් උපන් බිමේදී ඔවුන් නැවත තම වාසනාව උරගා බලන්නට විය. එවර පලමු වටයේ ඔවුන්ගේ කානඩයේ පලමුවෙනියා වෙමින් සුපිරි 6 දෙනාගේ වටයට පැමිනි අප්‍රිකානුවන් එවරද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනුයේ කෙසේ හෝ මෙවර කුසලානය ලබා ගැනීම වෙනුවෙනි. එවර බර්මින්හැම් නුවරදී ඔවුන්ට පලදෙනුයේ ඇදහිය නොහැකි මට්ටමේ වූ අකුසල කර්මයකි. පලමුව පන්දුවට පහර දුන් කැංගරුවන්ගේ ඉනිම ලකුනු 213කට සීමාවූ අතර එය ප්‍රබල අප්‍රිකානුවන්ට කජු කන්නාක් වැනි ඉලක්කයක් විය. නමුත් කජු කෑමත් ලේසි නොවූ අතර කෙසේ නමුත් තරගය ඔවුන් 213/9 ( 43.1) මට්ටමට ගෙන ආ අතර ඉලක්කය පන්දු 5කින් එක් ලකුනක් විය. නමුත් ඇලන් ඩොනල්ඩ් දුවද්දී දැවී ගියේ අනවශ්‍ය අයුරින් ලකුනක් ලබා ගැනීමට උත්සහ කල නිසාවෙනි.

ලකුනු සමවීමෙන් තරගය අවසන් වූ අතර සුපිරි 6 වටයේදී කැංගරුවන් අප්‍රික්නුවන් පරාජය කිරීම හේතුවෙන් කැගරුවට අවසන් තරගයේ දොරටුද අප්‍රිකානුවන්ට ගුවන් යානයේ දොරටුද විවර විය.

තවත් සිව් වසරක් ගෙවුනි.තුන්වරක් ගිලිහුනු කුසලානය තම මව්බිමේදී ලබාගනිමියැයි තිර අදිටනින් ඔවුන් එවර ලෝක කුසලාන තරගාවලියට පිවිසුනි.එවර ඔවුන්ට ඩක්වර්ත් සහ ලුවිස් හරස් විය. පලමු වටයේ අවසන් තරගය ශ්‍රි ලංකාව සමග පැවැත්වුනු අතර එම තරගය ජයගැනීම දකුනු අප්‍රිකානුවන්ට සුපිරි 6 වටයට යා ගත හැකි එකම හා අවසන් තුරුම්පුව වී තිබුනි.පලමුව පන්දුවට පහර දුන් ලංකාව ලකුනු 240ක් රැස් කල අතර එක ඉලක්කය හබා යන අප්‍රිකානුවන්ගේ ඉනිම ලකුනු 229ක් වන විට වර්ශාව පතිත විය.

ඒ වනවිට ඔවුන් ඩක්වර්ත් සහ ලුවිස් ඉලක්කය වූ 230ට වඩා එක් ලකුනක් පිටුපසින් විය.තරගය විසදුමක් නැතිව අවසන් වුවද දකුනු අප්‍රිකානුවගේ ලෝක කුසලාන ගමනට නම් විසදුමක් ලබුනි.ඒ නැවතීම් තිතකි.

ඉන් සිව් වසරක් ගෙවුනු තැන 2007 නැවතත් ඔවුන් කොදෙව් දේශයට ගියේ කෙසෙ හෝ මෙවරදීවත් ලෝක කුසලානය ලබා ගැනීමේ අදිටනිනි.ඔවුන්ගේම දුර්වල පිතිහරබය නිසාවෙන් කැංගරුවන් හමුවේ එවරද ඔවුන්ගේ ලෝක කුසලාන ගමන අවසන් පූර්ව අටයෙන් නිමා විය.

නැවතත් 2011 වසරේදීත් ඔවුන්ගේ දුර්වල පිතිහරබය ඔවුන්ට අවසන් පූර්ව වටය හෝ අහිමි කරමින් නවසීලන්තය විස්මිත ජයක් ලැබුයේ දකුනු අප්‍රිකානුවන්ට ඔවුන්ගේ අවාසනාව පිලිබද නැවත මතක් කර දෙමිනි.

2015 ලෝක කුසලාන තරගාවලියේදී අවාසනාවන්ත දකුනු අප්‍රිකාවට නවසීලන්ත කණ්ඩායම හමුවේ තියුණු පරාජයක් හිමි විය.ඒ දකුනු අප්‍රිකාව සහ අවාසනාව යන්න නැවතත් මතකයට නගිමින්ය.

මෙවර 2016දීද ඔවුන්ට එවැනිම අවාසනාවන්ත ඉරණමකට මුහුන දිමට සිදු උනා.තරග 3ක් අවසානයේ ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන දල ලකුණු වේගයෙන් ඉදිරියට එමට නම් ශ්‍රි ලංකාව එංගලන්තයට එරෙහිව ඡය ගත යුතුව තිබුණත් ශ්‍රි ලංකාව පරාඡය වු නිසා ශ්‍රි ලංකාවට මෙන්ම දකුනු අප්‍රිකාවටද තරගාවලියෙන් ඉවත් විමට සිදු වුණා. දකුනු අප්‍රිකාව එම වටයේදී ශ්‍රි ලංකාවට පරාඡයට පත් කරත් කොදෙව්වන් හා එංගලන්තය දළ ලකුණු වේගය අනුව ඔවුන්ට ඉදිරියෙන් සිටි නිසා දකුනු අප්‍රිකාවට ඉදිරි වටයට යාමේ අවස්ථාව මග හැරුණේය.

දකුනු අප්‍රිකාව හා අවාසනාව යනු එකම වචනයක්දෝ යැයි සිතෙන තරමටම දකුනු අප්‍රිකානුවන් සමග අවාසනාව බද්ධ වී තිබේ.මොවුන් ලෝක කුසලානවලදී ජනප්‍රියතම කන්ඩායමක් මෙන්ම දක්ෂතම කන්ඩායමක් වුවත් දකුණු අප්‍රිකාව සමග නිරතුරු අවාසනාවය එකට බැදීම සෑම දෙනාගෙම හදවතට දුකක් ගෙන දෙන්නකි.

ඉදිරියේදී කුමක් සිදුවේද? නැවතත් අවාසනාව ප්‍රබල වේද,හිස් අතින් ආපසු හැරී යාමට සිදුවේද?වාසනාව හිමි වේද?

 - සුපුන් රොක්‌ස්

No comments:

Post a Comment