Wednesday, June 20, 2018

බෝල් ටැම්පරිං; පන්දුව පළුදු කිරීමේ ඉතිහාසය

මේ දිනවල ක්‍රිකට් ලෝකයේ ප්‍රධාන මාර්තෘකාව බෝල් ටැම්පරින්ග් (ball-tampering) හෙවත් පන්දුව පළුදු කිරීමයි. කොදෙව්-ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වූ අතර මෙම චෝදනාව හේතුවෙන් ඔහුට එක් ටෙස්ට් තරගයක් තහනම් කර තිබේ. අද (21) මෙරට මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.


Tuesday, January 30, 2018

අපේ ගොනා අපිට හොඳා

බංග්ලාදේශය පරදා තුන්කොන් එක්දින තරගාවලිය ජයගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් කතරට හදිසියේ කඩා පාත්වූ අනෝරා වැස්සක් විය යුතුව තිබිණි. එහෙත් එය ක්‍රිකට්ලෝලීන් බහුතරයකට එය අතීතයට එක් වූ තවත් එක් සිදුවීමක් බවට ඉතා ඉක්මනින් පත්විය.

Tuesday, January 23, 2018

හතුරු අයියා සහ මැතිව්ස් මල්ලී

ශ්‍රී ලංකා එක්දින හා 20/20 ක්‍රිකට් නායකත්වය නැවතත් ඇන්ජලෝ මැතිව්ස් අතට පත්වූ අතර ඒ සඳහා නව පුහුණුකරු චන්දික හතුරුසිංහ ප්‍රබල ලෙස මැදිහත් විය. නව නායකත්වය බාරගැනීමෙන් පසු මාධ්‍ය හමුවකට සභාගි වූ මැතිව්ස්, චන්දික හතුරුසිංහ ආමන්ත්‍රණය කළේ 'හතුරු අයියා' යනුවෙනි.