Tuesday, June 27, 2017

අයියෝ ක්‍රීඩා ඇමතිතුමෝ, මාලි ගෙදර යවන්න නෙ තිබ්බෙ....

බලාපොරොත්තු වූ පරිදිම ලසිත් මාලිංගට දඬුවම් ලැබී තිබේ. ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹි ක්‍රීඩකයන් අදාල ගිවිසුම් කඩකරන්නේ නම් ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් කළයුතුය.

Monday, June 26, 2017

චී...චී... දයාසිරි, ඔක්කොම එළියෙ හලෝ.....

කලකට ඉහත නැරඹූ වැඩිහිටියන්ට පමණයි වර්ගයේ සිනමා පටයක දර්ශනයක් සිහිපත් වේ. එම යුද්ධය පාදක කරගත් එම සිනමා පටයේ ප්‍රධාන නිළිය යුද්ධය හේතුවෙන් කම්පනයට පත්ව සිටී. ඇයට බියක්, කණගාටුවක් දැනුණු සෑම මොහොතකම ඇය සිදුකරන්නේ සිය ඇඳිවත ඔසවා මුහුණ වසාගැනීමයි. මුහුණ වැසී ගියද වසා ගතයුතු අනෙක් ශරීරාංග නිරාවණය වී ඇති බව කම්පනයට පත්ව සිටින ඇයට වැටහෙන්නේ නැත.

Friday, June 23, 2017

ඇෆ්ගනිස්තානයට, අයර්ලන්තයට ටෙස්ට් වරම් අස්සේ ඉන්දියාවේ පරණ පුරුදු ගේම්

ඇෆ්ගනිස්තානයට හා අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිකර දීමට ඊයේ ලෝක ක්‍රිකට් ලොක්කන් එකඟ විය. ටෙස්ට් තත්වය තමන්ට පමණක් හිමි බූදලයක් බවට පත්කරගෙන ඇති සීමිත රටවල් කිහිපයක් විසින් ටෙස්ට් ක්‍රීඩාව ලෝක ව්‍යාප්ත කිරීමට දැඩි මැලිකමක් දක්වමින් සිටින අතරතුර මෙවැනි පුවතක් එළියට පැමිණීම අතිශය සතුටුදායකය.

Wednesday, June 21, 2017

ක්‍රිකට් අර්බුදයට මාලි-දයා ඉසකුඩිච්චිය

චැම්පියන්ස් කුසලානය අතරතුර සිරි ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායකින් ගොඩබැස්සේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදයේ අළුයට ගිනි පුපුරු එලියට විසිකරමිනි. එය කණ්ඩායම පැමිණි දා පැවති මාධ්‍ය හමුවේදීද තහවුරු වූ අතර කෙසේ වෙතත් මැතිව්ස් ප්‍රමුඛ ක්‍රීඩකයන් හා පාලකයන් පරාජයට හේතු ලෙස සුපුරුදු හේතුදැක්වීම පවසා මාධ්‍ය හමුවෙන් නැගිට ගියහ.

Monday, June 19, 2017

අයියෝ දයා.........

දයාසිරි ජයසේකර හෙවත් සිරි ලංකා ආණ්ඩුවේ ගරු ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පසුබෑමට හේතුවී ඇත්තේ ඔවුන් බඩ තඩියන් වීම බවයි. එයට පිළියම් ලෙස ක්‍රීඩා ඔහු යෝජනා කරන්නේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මාස 6 ක හමුදා පුහුණුවක් ලබාදීමයි. ක්‍රීඩා අමාත්‍යතුමාගේ පැහැදිලි කිරීමේ කිසිදු ගැටලුවක් නොමැත. ඔහුගේ කතාවට සම්පූර්ණ එකඟය.

Wednesday, June 14, 2017

චැම්පියන්ස් ටොපියත් ඉවරයි, හොඳම සෙල්ෆිය කාගේද ?

සුවසහක් සිරි ලංකා ක්‍රිකට් ප්‍රේමීන් චැම්පියන්ස් කුසලානය සමග සිරි ලංකා පිල කටුනායකින් ගොඩබසිනු ඇතැයි දෑස් දල්වා බලා සිටියද වසර කිහිපයක ක්‍රිකට් කෙරුවාව පිළිබඳ අවබෝධයක් ඇත්තෙකුට තරගාවලිය අතරතුරම සිරි ලංකා කණ්ඩායම කටුනායකින් ගොඩබැසීම පුදුමයට කරුණක් නොවේ.

Tuesday, June 13, 2017

සංගක්කාරට ගල් ගහන්න එන්න

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස එක්ව සිටින කුමාර සංගක්කාර තරගාවලිය ආරම්භයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුර හේතුවෙන් සිරි ලංකා ප්‍රේක්ෂකයන් බෙහෙවින් කැළඹීමට පත්විය.

Thursday, June 8, 2017

ඇන්ජලෝ එන්න, අං ඇවිත්දැයි බලන්න....

අද පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගය සඳහා හැකිනම් ක්‍රීඩා කරන ලෙස ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කුමාර සංගක්කාරගෙන් ඉල්ලීම් කර ඇති බව විවිධ වෙබ් අඩවි වාර්තා කරයි. වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉල්ලීම කවටකමට සිදුකළ ඉල්ලීමක් බවයි.