Saturday, May 28, 2016

පොඩි උන්ගෙ ක්‍රිකට් නීති

අපි පොඩිකාලේ ෆේස් බුක් නෑ,ජඇපල් සැම්සුන් ෆෝන් නෑ,ජගේම් ප්ලේයර් නෑ.ජහැබැයි පාසලේදි පිරියඩ් එකක් දෙකක් නෙමෙයි සමහර දිනවලදී මුලු දවසම පිට්ටනියේ ඉදන් මැච් ගහපු පට්ටම අතීතයක් තිබ්බා මතකද ?



ගෙවල් පැත්තේ කවුරුත් සෙල්ලම් කරන්න නැති උනාම තනියෙන් හරි බොලේ බිත්තියට ගහ ගහ ක්‍රිකට් ගහපු සුන්දර අතිතයක් උබලටත් තියෙන්න ඇති. නිවාඩු කාලේ හම්බුන දවසේ ඉදන් බැට් එකයි බොලෙයි අරගෙන ස්ටිට් ක්‍රිකට් හරි, පිට්ටනියට හරි, ගමේ වෙල පල්ලේහාට හරි දුවගෙන ගිහින් කන්න බොන්නවත් ගානක් නැතුව යාලුවෝ එක්ක උදේ ඉදන් රෑ වෙනකන් සෙල්ලම් කරපු ඒ සුන්දර අතීතේ අදටත් මතකයි....

අපේ පුංචි කාලේ ක්‍රිකට් නීතී රීතී
• ගස් කැච් වහලේ කැච් ඕන එකක් අවුට්.
• බෝලේ ගිහින් ජනේලේ වැදුනොත් අවුට්.
• දෙපැත්තෙන් කොයි පැත්ත කැඩුවත් අවුට්.
• ගේ ඇතුළට බෝලේ ගියොත් අවුට්.
• එහා වත්තට බෝලේ ගියොත් අවුට්,ගහපු එකා බෝලේ ගේන්න ඕන.
• හය හතර ඒවා ඔට්ටු අර පැත්තෙනුයි ඉස්සරහිනුයි විතරයි ඈ අනිත් පැත්ත අවුට්.
• පොල්පිති විකට්ටු ආධාරකයේ වැඳුනොත් අවුට් නෑ.
• කිප් කරන්න ඕනේ බැටින් පැත්තේ එකෙක්.
• කිප නැත්නම් පිටිපස්සට බොලේ ගියොත් ගහන එකාම ගෙන්න ඕනේ.
• කීපරයෙක් නොමැති නම් පිටි පස්සට ගහලා ලකුණු නෑ.
• පඳුරට බෝලේ ගියොත් එක ලකුණයි.
• බයි රන් ඔට්ටු නෑ.
• කැලේට ගියොත් හතරක් දුවන්න ඔට්ටුයි.
• කළුවර වැටුනට පස්සේ ෆාස්ට් බෝල් ඔට්ටු නෑ.
• නෝ බොල් එල්.බී.ඩබ්ලිව් නෑ.
• චක් දානව නම් හයියෙන් දාන්න ඔට්ටු නෑ.
• බෝලේ පලපු හෝ නැති කරපු එකා බෝලයක් ගේන්න ඕන.
• කට්ටිය අඩු පිලට හුංගෙක් ඉන්නවා.
• ලාස්ට් මැන්ට චාන්ස් තියනවා.
• දිනපු එකා ෆස්ට් බැටින්.
• අම්පයර් ඉන්න ඕන බැටින් පැත්තෙන්
• අම්පයර් ඉන්න එකාට ඊළඟට බැට් කරන්න දෙන්න ඕන

සෙට් එකේ වැඩිමලා නම් සමහර වෙලාවට නිති ටික පොඩ්ඩක් වෙනස් වෙනවා.
• වයස පිළිවෙලට බැටින්
• පළවෙනි බෝලෙට අවුට් වුනොත් ඒක ටෑල් බෝල්
• එයා බොල් කරද්දී වන් බම්ප් අවුට්
• ෆස්ට් බැටිනුත් එයා ෆස්ට් බෝලිනුත් එයා

මතකද ඒ කාලේ.....?
මට නම් තාමත් මතකයි ඒ සුන්දර අතීතේ

මේ වගේ අතිතයක් උබලටත් තිබුනාද මචං? ආයෙත් ඒ අතීතෙට යන්න තිබුනානම්......

සුපුන් රොක්ස්

No comments:

Post a Comment