Sunday, May 15, 2016

ක්‍රිකට් පොත් අලුත් කළ නවතම ලෝක වාර්තාව මෙන්න

ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක දිගට වැඩිම වෙලාවක් පුහුණු දැළ තුළ පන්දුවට පහරදීමේ ලෝක වාර්තාව අලුත් කිරීමට ඊයේ රුවන්ඩා ක්‍රිකට් නායක Dusingizimana Eric සමත් වූවා.


ඒ Amahoro ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැය 51ට වඩා වැඩි කාලයක් පන්දුවට පහරදීමේ පුහුණු වීම් සිදුකරමින්.

කෙසේ වෙතත් මෙම වාර්තාව තැබීමට තීරණය කර ඇත්තේ රුවන්ඩාවේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා මූල්‍ය ආධාර රැස් කිරීම ආරම්භ කිරීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සහ ක්‍රීඩා ඇමතිනී ජුලියන් උවාකු එක්ව සිටි බවටයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.

Maliya Nanayakkara

No comments:

Post a Comment