Sunday, May 15, 2016

එංගලන්තය සමග වයිට් වොෂ් වෙයිද?

නිකන් බොරුවට ස්වයංවින්දනය වෙලා වැඩක් නෑනෙ.යතාර්ථය තමා එංගලන්තය මේ වෙනකොට අපිට වඩා ගොඩක් හොද තැනක ඉන්නෙ.


හැබැයි ඉතින් එහෙමයි කියල අපි පරදිනවා කියල කියන්න බෑ.දිනන්න ගැහුවොත් පැරදුනත් නම්බුව බේරගන්න පුළුවන් වෙයි.

Open එක දිමුත් ගහනවා ඒක හරි.අන්තිම තරගාවලි වලත් හොදටම කරා පුහුණු තරගෙත් ශතකයක් රැස් කලා.

අනික් Opener කෞෂාල්ද ධනන්ජයද?

කෞෂාල් පුහුණු තරග වල අනික් පිතිකරුවන්ට සාපෙක්ෂව එතරම් ෆේල් නෑ.අනිත් එක සංචිතයට අනුව කෞෂාල්ට අවස්ථාවක් දෙන්න පුළුවන්.ධනන්ජය පුහුණු තරග 01යි ගැහුවෙ.ඒකෙ ඉනිම් 2ම ෆේල්.හැබැයි ලංකාවෙ ක්‍රීඩා සංගම් අතර ඕනාවටත් වඩා වැඩ පෙන්නල සංචිතයට තේරුන කෙනෙක් එක පුහුණු තරගයක(අනිත් සෙට් එකත් හොදටම ෆේල් වුන) ෆේල් වුනා කියල කණ්ඩායමට නුසුදුස්සකු වෙනවා කියන්න බෑ.ඒ නිසා බොහෝ විට ධනුෂ්ක කෞෂාල්ගෙ තැන වෙනුවෙන් බලන් ඉදීවි දෙවන ටෙස්ට් තරගය වන තුරු.තැන ධනන්ජයට දෙන්නේද නැද්ද කියන එක කේෂාල් අතේ තියෙන්නෙ.

තිරිමාන්න අන්තිම පුහුණු තරගෙ දෙවනි ඉනිමෙ 40+ නොදැවී ගැහුවා තමයි.හැබැයි කුසල් මෙන්ඩිස් පුහුණු තරග දෙකේම දෙයක් කරල පෙන්නපු කෙනා.

අනික් තාක්ෂණය උසස් පිතිකරුවො ෆේල් වෙනකොට ලකුණු ගහපු කෙනා.ඒ කොල්ලව අයින් කරල තිරිමාන්න දානවනම් එතන අනිවාර්යයෙන්ම යම් මැදිහත්වීමක් තියනවා කියල ඕනම බුද්ධි මට්ටමක මනුස්සයෙකුට තේරෙනවා.ඔව් මම මේ කියන්න උත්සහ කරන්නෙ OneDown එවන්න ඕනෙ කුසල් මෙන්ඩිස්ව.

අංක 04 චන්දිමාල් ඒක වෙනස් වෙන්න ඕන් නෑ.පසුගිය තරගාවලි වල සාර්ථකයි.පුහුණු තරගත් අනෙක් පිතිකරුවන්ට සාපෙක්ෂව සාර්ථකයි.අංක 05 නායකයා මැතිව්ස්.ඒකත් හරි කියමුකො.

දැන් අංක 06 ගැන බැලුවොත් මිලින්දද දසුන්ද,දසුන්ද මිලින්දද ඒක තමා ප්‍රශ්නෙ.මිලින්ද කියන්නෙ ඕනම වෙලාවක දග පන්දු වෙන් දස්කම් දක්වන්න පුළුවන් කෙනෙක්.අන්තිම පුහුණු තරගෙත් කඩුලු දෙකක් ගත්තා.මිලින්ද සෙල්ලම් කරනවනම් අපිට බය නැතුව වේග පන්දු යවන්නො 03ක් එක්ක ගේමට බැස්සහැකි.අනිත් කෙනා දසුන් ඕනම වෙලාවක මද වේගපන්දුවෙන් දස්කම් දැක්වි හැකි පිතිකරුවෙක්.මැතිව්ස් ආබාධයන්ට නිතර ගොදුරු වෙන හිංද වෙනද මැතිව්ස් පන්දුවෙන් කරපු දේ කරන්නත් පුළුවන්.හැබැයි එහෙම උනොත් දගයෙකුට ඉන්නෙ හේරත් විතරයි.දෙන්නගෙම පිතිකරණය බැලුවොත් දසුස් ලංකාවෙ ක්‍රීඩා සංගම් තරග වල වැඩ පෙන්නල ගිහින් එංගලන්තෙ පුහුණු තරගෙත් විශිෂ්ඨ 100ක් ගැහුවා.(අනිත් අය ෆේල් වෙනකොට) හැබැයි මිලින්ද පිතිකරණයෙන් පුහුණු තරග දෙකේදිත් ෆේල්.අංක 6ට තෝරන්න ඕනෙ හොදම පිතිකරුවෙක් හිංද දසුන් තමයි සෙට් වෙන්නෙ.

අංක 07 නිරෝෂන් දික්වැල්ල විකට් කීපර් විදිහට සෙල්ලම් කරයි.පුහුණු තරග දෙකේදිත් සාපේක්ෂව අනික් අයට වඩා දෙයක් කරල පෙන්නපු කෙනෙක්.අනිත් එක චන්දිමාල් අංක 04 ගහන හිංද විකට් කීපර් විදිහට දික්වැල්ලව යොදා ගන්නත් පුළුවන්.

හරි දැන් අපේ පන් දු යවන්නො ගැන බැලුවොත් ඒක තමයි අමාරුම වැඩේ.කතා දෙකක් නෑ.හේරත් ඇතුළෙ ඉන්න ඕනෙ.අංක 9ට ධම්මික ඉන්ජරිය හොදනම් ඇතුලෙ ඉන්න ඕනෙ ඉන්ජරිය හොද නැත්තන් ඒ වෙනුවට ලක්මාල්ද,ශමින්දද,ප්‍රදීප්ද මම හිතන්නෙ මේ පුහුණු තරග දෙක අනුවනම් ලක්මාල් තමයි.ශමින්ද වුනත් අවුලක්ම නෑ.

අංක 10 දුෂ්මන්ත චමීර ඇතුළෙ ඉන්න ඕනෙ කියල හිතනවා.පසුගිය නවසීලන්ත තරගාවලියෙ තනියම ගේම ගහපු හැටි මතක ඇතිනෙ.පුහුණු තරගෙ එක ඉනිමයි බෝල් කරේ.ඒකෙන් මනින්න බෑ.

ඊලග ප්‍රශ්නෙ දගයො දෙන්නෙක් ක්‍රීඩා කරවනවද නැත්නම් අමතර වේග පන්දු යවන්නෙක් ක්‍රීඩා කරවනවද කියන එක මම නම් හිතන්නෙ එංගලන්තෙ මේ කාලෙ දේශගුණයත් එක්ක බලනකොට වේග පන්දු යවන්නෙන් තමයි දාන්න ඕනෙ.ප්‍රදීප් තමයි සෙට් වෙන්නෙ.ශමින්දත් අවුලක්ම නෑ.ඉන්ජරියෙන් පස්සෙ කොහොම වෙයිද කියන එක තමා ප්‍රශ්නෙ.එහෙම නැත්තන් තණතිල්ල බලල තිරණය කරන්න පුළුවන් දිල්රුවන් දගපන්දු යවන්නෙක් විදිහට එක් කරනවද කියලත්

එතකොට ටීම් එක බැලන්ස්.

(Dimuth Karunarathna, Koushal Silva, Kusal Mendis, Chandimal, Matheves(c), Dasun Shanaka, Niroshan Dikwalla(WK), Rangana Herath, Chameera, Dammika/Lakmal/Pradeep, Pradeep/Lakmal/Dilruwan/Eranga

අවුලකට තියෙන්නෙ දගයො ඉන්නෙ හේරත් විතරයි.හැබැයි දිමුත්ට බැරි කමක් නැ ඕවර් කිහිපයක් දාන්න.ඒක හින්ද ඒක ලොකු අවුලක් වෙන එකක් නෑ.

අන්තිමට කියන්න තියෙන්නෙ ලේසි නෑ හැබැයි බැරි නෑ.වැරදුනාම දේශගුණෛ් ඉස්සරහට දාන්න බලන් සෙල්ලම් කරන එක නෙමේ කරන්න ඕනෙ සති දෙකක් විතර එහෙ පුහුණු වෙන එකේ පුළුවන් තරම් ඒ දේශගුණයට සෙට් වෙන්න බලන්න ඕනෙ.ලංකාවට වෙලා හොදට පුටුවක වාඩිවෙලා පෝස්ට් ලියන එකට වඩා කරන්න ගියාම තමයි අමාරු හරි ඇත්ත.මේකයි කතාව ලංකාවෙ හොදම 11 සෙල්ලම් කරන්නෙ.අනිත් එක ලංකාව නියෝජනය කරනවට ලක්ෂ ගනන් දෙනවා ඒ අයට.යුතුකමක් තියනවා.දිනන්න බැරි වුනත් අඩු ගානෙ තමන්ගෙ උපරිමය කරන්න.

වෙනසක් වෙයි කිය හිතනවා බලන් ඉමු.

තව දෙයක් කුසල් ජනිත් ටෙස්ට් තරගාවලියට ගහන එකක් නෑ බොහෝ විට.අදත් කුසල් කිව්වෙ මාස 05කින්ලු බැට් එකක් ඇල්ලුවෙ.කුසලුත් මනුස්සයෙක්නෙ.එක්දින එකටම එයි බොහෝ විට.

කවදත් වගේ එංගලන්තෙ මහත්තුරු උන්ගෙ මාද්‍ය වලින් අපේ කොල්ලො සෙට් එක පහතටම දාල තියෙන්නෙ.ඇන්ඩසන් අද උජාරුවෙන් කියල තිබුනා අපිව වයිට්වොෂ් කරනවලු ඒ කියන්නෙ අපිව 3-0 පරද්දවනවලු.බල්ලො බිරුවට කදු පාත් වෙන් නෑ වගේම.අපේ කොල්ලොත් වැඩ වලින්ම උත්තර දෙන්න ඕනෙ.මේ පාරත් ගිය පාර වගේම කයිවාරුකාරයන්ව සිංහයො ඉස්සරහ දනින් වට්ටන්න අපේ කොල්ලන්ට හැකිවේවා..

සංවාදයට විවෘතයි...

 - නෙහාන් රවිසර

No comments:

Post a Comment