Monday, May 16, 2016

මීලග අවලංගු කාසිය මොහුද??????

මේ සෙල්ලම් බඩුවක් නම් නොවේ......
මොහු නමින් තරිදු කෞශ්‍යාල් ය..තවමත් 22 හැවිරිදි තරුණයකි..ඉරියව්වේ ඇති ඉතාමත් සුලු ගැටලුවක් මත දූස්රා පන්දුව යැවීම තාවකාලිකව තහනම් විය..එය නැවතත් නිවැරදි කර ගැනීමට පුහුණුකරුවන් කටයුතු කරනවාද  යන්න පිළිබදව නම් තොරතුරක් නැත...පෙනෙන්නට තිබෙන්නේ නම් තරිදු අවලංගු කාසියක් බවට පත්වන ලකුණුය..එය කාටත් ලේසිය.පහසුය..නවකයෙකු ගෙන තරිදුව වසා දමා අතපිස ගැනීම ඉතා සරල කටයුත්තකි..

හිටපු තේරීම්කමිටු සභාපති සනත් ජයසූරියගේ නිගමනයට අනුව තරිදු යනු මුරලිට පසුව බිහිවූ පන්දුව වැඩිපුරම දගකවන ක්‍රීඩකයාය...පන්දුව ගුවනට මුසු කිරීම මගින් ගුවනේදී දගකැවීමක් ලබාගැනීමට මොහු සමත්ය..

ටෙස්ට් තරගවලදී පිතිකරුවාට කෙසේවෙතත් කඩුලු රකින්නාට පවා තේරුම් ගත නොහැකිතරම් දගකැවීමක් ලබාගැනීමට සමත් ක්‍රීඩකයෙකු ලෙස මොහුහැදින්වීම වරදක් නොවේ...

මාගේ පෞද්ගලික මතය නම් මොහු  අකිල ධනන්ජය,ජෙෆ්‍රි වැන්ඩසි, වැනි පන්දු යවන්නන් ට වඩා දෙයක් කලහැකි පන්දු යවන්නෙකු බවයි.(වැරදී නම් නිවැරදි කරන්න)..

ඉතා වටිනා සම්පතකි...රැකගැනීම පාලකයන් සතුය...

 - ඇපල් ආදිපාදතුමා

3 comments: