Monday, May 23, 2016

ඇන්කර් භූමිකාව

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වත්මන් පසු බැසීමට ඉතා විශාල හේතුවක් ලෙස පෙනී යන්නේ ඇන්කර් භූමිකව කරන පිතිකරුවෙක් නැති කමයි. ලොව සෑම ටෙස්ට් කණ්ඩායමකම පාහේ සිය උපරිමයේ සිටින විට ඔවුන් සතුව හොඳම ඇන්කර් භූමිකා කරුවෙක් සිටියේය.


ඉතා විශාල ලකුණු ගණනකට යෑමේදී එක් අන්තයක් ආරක්ශා කරගනිමින් මුලදීම ගලවා නොගතහොත් 'ඇණයක්' වන මොවුන් ටෙස්ට් කණ්ඩායමකට සම්පතකි.

ඉන්දියාව වෙනුවෙන් රාහුල් ඩ්‍රාවිඩ් ද පකිස්තානය වෙනුවෙන් යුසුෆ් යොහානා (මොහොමඩ් යුසුෆ්) ද ඕස්ට්‍රෙලියාව වෙනුවෙන් මයික් හසී ද මෙම කර්තව්‍යය හොඳින් සිදුකල අතර අද වන විට එන්ගලන්තය වෙනුවෙන් ජෝ රූට් එම කර්තව්ය කරයි. එවැනි ක්‍රීඩකයෙක් සිටින කණ්ඩායමක් නිතරම යෝධ ලකුනු සංඛ්‍යාවක් ලබා ගනිති.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම කර්තව්‍යය පසුගිය කාලයේ සිදුකලේ තිලාන් සමරවීරයි. 'ද ග්ලූ' ලෙස ඔහුව හැන්දින්වූයේ ලේසියෙන් ගලවාගත නොහැකි නිසාය. ඊට කලින් එම කාර්යය සිදුකළේ හෂාන් තිලකරත්නයි. තිලාන් සමරවීර නිතරම මහේල හෝ සන්ගාගෙන් නොදැවී දිගු ඉනිමක් කරා යන ක්‍රීඩකයා සමග දිගු සම්බන්ධතා ඇති කරගනිමින් සිය කණ්ඩායම යෝධ ලකුණු පුවරුවක් කරා රැගෙන ගියේය.

අද තිලාන් නැත. එබැවින් එක් අන්තයක් රැකගෙන සිටි කොහොල්ලෑ ගුලිය අද නැත. නමුත් යෝධ ඉනිම් නැවතත් යථාර්තයක් කර ගැනීමට නම් ඉක්මනින්ම එවැන්නෙක් සොයාගත යුතුය.
රොෂේන් සිල්වා එවැනි ගතිගුණ ප්‍රකට කරයි. ඔහුට තවමත් ලංකා පිතිකරණ ලැයිස්තුවේ අංක 5 හෝ 6 නොලැබී ඇත්තේ ඇයි දැයි මම නොදනිමි.

නමුත් අවුරුදු 18 ක් තිස්සේ ක්‍රිකට් නරඹනෙක් ලෙස ඇති අත්දැකීමෙන් ඔහුට ඉක්මනින් අවස්තාවක් ලැබුණහොත් තිලාන් සමරවීර, හෂාන් තිලකරත්න මෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හොඳ බෝල්ට් ඇණයක් වනු ඇතැයි අනුමාන කල හැක.

සංවාදයට.....

දිනිඳු ඒකනායක

No comments:

Post a Comment