Thursday, May 26, 2016

ෆෑන්ස්වාදය නොහොත් පැන්ටිවාදය (2)

ෆෑන්ස්වාදය නිසා දවස් ගානක ඉදන් මේ සමුහයත් එපා වෙලා තියෙන්නේ. හැම සමුහයකම වගේ මේ සමුහයටත් පැන්ටිවාදය ආපු එක නම් දුකට කරුණකි. පටන් ගත්ත තැනේ ඉදන්ම කොටා ගෙන යන්නම්.

අතිතයේ සිටම ෆෑන්ස්වාදයේ අතුවල දලු ලා ගෙන ආවත් එල හටගත්තේ මැත කාලයේ සිටය. ෆෑන්ස්වාදය වර්තමාන සමාඡයේ ආරම්භ වන්නේ දිනේෂ් චන්දිමාල් නිසාය.



ඔහු කණ්ඩායමට ආ මුල් දින කිහිපය තුලදී නවකයෙක් ලෙස හොදින් දක්ෂතා අතර සිටියත් පසුකාලිව යම් යම් අවස්ථා තුලදී පසුබැම්වලට ලක් විය. කණ්ඩායමේ නිසි තැන ලැබුනද නැද්ද යන්න ප්‍රශ්නාර්තයක් වුවත් මොහුට අවස්ථා නම් හැකිතාක් ලැබිණී. අසාර්ථක වු තැන කතා කිරිමට චන්දිමාල් හෙටස්ලා පිරිසක්ද බිහි විය. 4GB වෙළෙද දැන්වීමද අවියක්  කරගත් මොවුන් මෙය චන්දිමාල්ගේ පාසල දක්වා ගෙන ගියේ චන්දිමාල් පැන්ටිලා හා චන්දිමාල් හෙටස්ලා අතර ගැටුම තවත් පැතිකඩකට යොමු කරමිනි.

චන්දිමාල්ට මුල සිටම ඇලුම් කරපු පිරිස හැරුණු කොට පැන්ටිවාදය නිසා චන්දිමාල්ට ඇලුම් කරපු පිරිසකුත් සිටියේ නැතුවාම නොවේ. හෙටස්ලාගේ දැඩි විරෝදය ඇති උනත් ප්රතිඵලය වුයේ චන්දාමාල්ව ෆෙවරිට් ප්ලෙයර් ලෙස චන්දිමාල් පැන්ටියෝ තවත් වැලද ගැනීම පමණි. තමුන් චරිත බව පවසමින් ක්‍රිකට් ඔස්තාර්ලා හා පේජ්වල සමූහවල අති දක්ෂ ලෙස රන්ගනය දැක්වු පිරිස ගැන ගැන කතාකිරීම නිශ්ඵල කාර්යයක් යැයි සැමවිටම සිතෙනුයේ එය හුදෙක් තමන්ගේ පටු අරමුණු මෙන්ම තමන්ගේ පවුද්ගලික ජනප්රියත්වය සදහා කල දෙයක් බැවිනි.

බිංදුමාල් හුණ්ඩුමාල් යැයි නම අච්චු ගැසිම සිදු කරත් මොහු සාර්ථක වු අවස්ථාවලදීද මොහුට එල්ල කළ මඩ ප්රහාර නැවතුනේ නැත්තේ චන්දිමාල් හෙටස්ලා නිසා නම් නොවේ. එය පැන්ටිලා විසින් මිනිසුන්ව මෙම පුද්ගලයාව එපා වන තත්වයට ගෙන ආ නිසා ඇතිවු අතුරු බලපෑමකින් සිදු වු දෙයකි. බොහෝ දෙනෙකුට ප්රශ්නය මොහුගේ දක්ෂතාවය නොව මෙම චන්දිමාල් යන ක්‍රීඩකයායි. මෙම සමුහයේ මා දැක ඇති වැඩිම ගැටුම් ප්රමාණය චන්දිමාල් ෆෑන්ස් තිරිමාන්න ෆෑන්ස් අතරය. එයටම සම්බන්දව චන්දිමාල් ෆෑන්ස් මැතිව්ස්ද මෙයට එක් වේ. චන්දිමාල් ෆෑන්ස් මාලිංග ෆෑන්ස් යන ගැටුම වෙනත් පැතිකඩකි. කෙසේ හෝ මෙම සියලුම ගැටුම් සදහා වග කිව යුත්තේ චන්දිමාල් පැන්ටිලාය. මෙයට ප්රධානහම හේතුව හැම දෙයටම චන්දිමාල් උදාහරණයකට ගෙන ඔහු නැති වුවහොත් ක්‍රිකට් නෑ වගේ යටි අරමුණකින් සමුහවල ඔස්තාර් වීමට දරන අහින්සක ආශාවකි. තිරිමාන්නගේ චුයින්ගම් එක ගැන කියමින් රන්ගනයේ යෙදෙන තිරිමාන්න හෙටස්ලාත් මෙම සමුහයේ නැතුවාම නොවේ.

ලංකාවේ නායකයෙක් අප බලාපොරුත්තු නොවු අවස්ථාවක පැවසුවේ එම ක්‍රීඩකයට ඔහු සමග ක්‍රීඩා කිරිමට නොහැකි බවයි එම ක්‍රීඩකයා ක්‍රීඩා කරනවා නම් තමා ක්‍රීඩා නොකරන බවත් පැවසුවෙය. මෙම ප්රකාශයට පසු කාලිනව ක්‍රීඩකයන් දෙදෙනෙක් සම්භන්ධ වුවත් ඇත්තෙන්ම ගැටුමට පාදක වුයේ කවුද? හැබැයි මේ දිනවල චරිතය යැයි සිතා රන්ගනයේ යෙදෙන චන්දිමාල් පැන්ටිලා නම් එදා කතා කලේ නැත. ඔන්න ඕකයි මහත්තයෝ තත්වය.

නායකයො තිදෙනෙක් අතර සමුහ තුල ගැටුම් නිර්මාණය උන ප්රධානම හේතුව චන්දිමාල් පැන්ටියෝ නිසාය. තරගය පැරදිලා එහි නායකත්වය කලේ මැතිව්ස්ගේ නම් එහි වගකීම මැතිව්ස්ට පමණක් බාර ගන්න කිම විහිලුවට කරුණකි. සියඹලා න්‍යාය. නමුත් චන්දිමාල් නායකත්වයේ සිට තරගයක් පරාඡය වුවහොත් එහි වගකීම කණ්ඩායමේ ක්‍රීඩකයෝ බාර ගත යුතුය. චන්දිමාල් යටින් ගහන කාලේ කතා කල පිරිස වෙනත් ක්‍රීඩකයො යටින් ප්ලේ කලාම නම් කතා කලේ නැත. උදාහරණ එමටය. චන්දිමාල්ගේ ටොප් ඕඩර් එක ගැන කතා කළ පැන්ටියෝ අනිත් ක්‍රීඩකයන්ට කුමක් වුවත් කම් නැති ආකාරයට කතා කළ අවස්ථා නැතුවාම නොවේ. උබලගේ රටට තියෙන ආදරය හොදින් සිතා ගත හැක.

ක්‍රීඩකයන්ව විවේචනය ඔවුන්ගේ ගෙදර සිටින පුද්ගලයන්ගෙන් අවසන් වන අවස්ථා අපමණය. අඩුපාඩු විවෙචනය කම් නැති වුවත් ආත්මගවුරවය නැති කිරීම නම් ප්රශ්නයකි. මෙම සමුහයේ ගැටුම් රාශියකටම මුල චන්දි ෆෑන්ස්ලා විසින් කණ්ඩායමේ වෙන ක්‍රීඩකයෙක් අසමත් වන විටදී එම ක්‍රීඩකයාව බන්කුවේ තියන්න ඕන කියන පටු ආකල්පය ගෙන එමයි. අහන්න කැමතියි ඇයි මහත්තයෝ ඔය තියරිය චන්දිමාල්ට අදාල නොවන්නේ කවර හේතුවක් නිසාද කියලා ?

අවසානයේ කිව යුත්තේ ක්‍රීඩකයෙක් ෆේල් උන ගමන් හින්ට් පාස් කරලා පොස්ට් දාන්නේ නම් රටට ඇත්තටම ආදරය නොකරන අය කියා පමණයි. රන්ගනය බලා සිටී පමණින් අප රැවටුනා යැයි ඔවුන්ට සිතුනා නම් එය ලොකු වැරදිමකි.

රටට ආදරය කරන සැබෑ ක්‍රිකට් ෆෑන්ස්ලට ජයවේවා!

සුපුන් රොක්ස්

No comments:

Post a Comment