Monday, May 23, 2016

ෆෑන්ස්වාදය නොහොත් පැන්ටිවාදය

හිතට ඇතිවු දුක නිසා කොටාගෙන යමි


තමන් කැමති ක්‍රීඩකයකු සෑම කෙනෙක්ටම වාගේ සිටිය හැක. නමුත් තමන්ගෙ කැමති ක්‍රීඩකයා හින්දා කන්ඩායමේ අනික් ක්‍රීඩකයන්ව කපලා ගන්න ආතල් එක මොකක්ද? මොවුන් නිසා සමහර ක්‍රීඩකයන්ව රසිකයන්ට දැනටමත් ක්‍රීකට් එපාවී හමාරය. හැමදාම වගේ පොස්ට් දකිනවා ක්‍රීඩකයන්ට අපහාස කරලා තියනවා. හැබැයි ඇහුවම කියන්නේ එක තමන්ගේ මතයලු. අනේ මහතතයෝ ඕක තමයි කුහකකම. ගොඩක් අය ඔය 11 දෙනා අතරට යන්නේ කටුකාලා, පැන්ටියෝ වගේ කයිවාරු ගහලා නෙමෙයි.

එහෙනම් පැන්ටියෝ ටික ටිම් එකේ ඉන්න එපැයි. එක ක්‍රීඩකයකුට තරගය වෙනස් කරන්න පුලුවන් උනාට පැන්ටිවාදය කිය කිය කෑ ගැහුවට උබලාගේ ඔය තනි ක්‍රීඩකයට පිට්ටනියෙ තනියෙන් සෙලලම් කරන්න පුළුවන් ද? එහෙනම් 11 ඕනේ නැහැනේ ? මැච් එකක් පැරදුන ගමන් රෙදි උස්සන් එන්නේ... තමන් කැමති මතයක් දරන්න කැමති කෙනෙකුට අයිතිය තියනවා. හැබැයි ඒ අනුන්ගෙ මතයටත් ගෞරව කරන ගමන් නේද ? කුහකකම වගේම පැන්ටිවාදය තියනකන් රටක් විදියට ඉස්සරහට යන්න තියා හිතන්නවත් බෑ.. පොඩ්ඩක් විවෘතව හිතපල්ලකො,අපේ එවුන් ටීම් එකක් විදිහටයි පැරදුන දිනයක පැරදුනේ. එක එකාට වෙන වෙනම ඇඟිල්ල දික් කරල මූ හොඳයි අරූ හොඳයි කිය කිය ගන්න ගොන් ආතල් එක දැන්වත් නතර කරහල්ලකො. මෙව්වා කියන්න බෑ මහත්තයෝ මොක කිව්වත් කියන්නේ එක තමන්ගේ මතය බවයි.

ක්‍රීකට් ක්‍රීඩාවට වගේම ක්‍රීකට් ක්‍රීඩකයන්ටත් රිද්දන එක විතරයි වෙන්නේ උබලගේ ඔය වැඩෙන්.. ඔස්තාර්ලා ඉන්නකන් පැන්ටිවාදය නම් නවතින් නැති වෙයි. අවුරුදු 10කට 15කට විතර කලින් ලොකයේ හොදම ක්‍රීඩාලොලින් අපටත් සිටියා. හැබැයි ඒ කාලෙත් මඩ ගැහුවේ පැන්ටියෝ ටික විතරමයි.

මහේල ඡයවර්ධන ලෑලිවර්ධන විය. සන්ගක්කාර ගන්දස්කාර විය.. අදටත් එය වෙනස් වී නැත.

චන්දිමාල් බින්දුමාල් උනේ තිරිමාන්න පදිරිමාන්න විමට බලපෑවේ පැන්ටිවාදයයි. ඇන්ඡි මාලි කුහක උනේත් ඔය පැන්ටියන්ටම තමයි. ඩිලාට රිටයර් වෙන්න හේරත්ට රිටයර් වෙන්න කිව්වෙත් ගෲප්වලට පැන්ටිවාදය ගෙනාපු උන් තමයි.. සමහරක් ප්රසිද්ධ විමට ෆෑන්ස්වාදය නොහොත් පැන්ටිවාදය ගෙනාවත් අපට අප්‍රිය වන්නේ ක්‍රීඩකයාව නොව ෆෑන්ස්වාදය ගෙන ආ පුද්ගලයාව පමණි.

තමන් ක්රීඩකයකුට ආදරේ කරන බව අනෙකුන්ට පෙන්වු පමණින එම පුද්ගලයා රටට ආදරය කරයිද ? නමුත් උලුප්පා දක්වන්නේ ඔවුන් සැබෑ ශ්‍රී ලංකන් ෆෑන්ස්ලා බවය. මානසික විකෘති තාවයෙන් සිටින පුද්ගලයන් තමුන් චරිතය යැයි සිතා රන්ගනයේ යෙදෙන අයට අනුකම්පා කිරිම හැර වෙන කුමක් කරම්ද ? මෙම ෆෑන්ස්වාදය ක්‍රිකට් සමූහ තුළින් ඉවත්වනවා නම් බොහෝ දෙනා සතුටු වේවි.

රටට ආදරය කරන සැබෑ ක්‍රිකට් ෆෑන්ස්ලට ජයවේවා!

සුපුන් රොක්ස්

No comments:

Post a Comment