Wednesday, October 12, 2016

අපේ පොඩි කුසල්

සම්පුර්න නම - කුසල් ගිම්හාන් මෙන්ඩිස්

උපන් දිනය - 1995.02.02
පිත්ත හැසිරීම - දකුණත් පිතිකරු
RANKINGS
TEST -22
ODI - 76

ශ්‍රි ලංකා ක්‍රිකට් වංශ කතාව අලුතින් ලියන්නට හැකි නමින් කුසල් මෙන්ඩිස් වන මොහු දැනටමත් ලාංකීය ක්‍රිකට් පිස්සන්ගේ හදවතේ තැනක් නිර්මානය කර අවසන්ය.

21 හැවිරිදි කුසල් දැනට ටෙස්ට් තරඟ 09 කට සහභාගි වී එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 635 ලබා ගෙන ඇත්තේ ඉනිමකදී රැස් කල වැඩිම ලකුණු ලෙස ලකුණු 176 ද සමගිනි.එක්දින තරඟ ද 12 කට සහභාගි වී ඔහු අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 402 ලබා ඇත්තේ ඉනිමක වැඩිම ලකුණු ලෙස ලකුණු 77 ලබා ගනිමිනි.T20 තරඟ තුනකට පමණක් සහභාගි වී ඇති ඔහු ලබා ගෙන ඇත්තේ ලකුණු 48 ක් පමණි.

කෙසේ වෙතත් දැනට මොහුට අනාගත මහේල අනාගත සංගා වැනි ලේබල් රැසක්ම ගසා තිබේ.මගේ මතය නම් මොහු කවුරුවත් නොව කුසල්ම වෙනවාටයි.(හුදෙක්ම මගේ මතය පමණි )ඒ මන්ද කිවහොත් මීට පෙර සංගා මහේල සමුගන්නා විට මීලග සංගා මීලග මහේල යැයි කියා ලේබල් ගැසූ පිතිකරුවන් දෙදෙනෙකු හඳුන්වාදුනි. ඒ දිනේෂ් චන්දිමාල් හා ලහිරු තිරිමාන්නය චන්දිමාල් නම් දැනට සැලකිය යුතු මට්ටමේ සිටීයැයි මට හැගේ.නමුත් තිරිමාන්න අද පළමු 15 අතරට හෝ නම් කිරීමට තේරීම් කමිටුව මැලිකමක් දැක්වීම ඊට හේතුව දැයි හිතේ. දැන් ක්‍රියාත්මක වන බටහිර ඉන්දීය A කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරයට ඔහු නම් කර ඇත.එය එසේ වන්නේ කාගේ වරදින්ද නැත්නම් තිරිමාන්න ටෙස්ට් තරඟ පමනක් ක්‍රීඩා කළ යුතුද? නැත්නම් ඔහු දැන් දස්කම් අතර නැතිද ? මා සිතන ආකාරයට තිරිමාන්න නැවත දස්කම් අතරට පැමිණිය යුතමය.

හරි කතාවෙන් පිට පැන්නා වගේ උනා නැවත කතාවට බහිමු. කුසල් මෙන්ඩිස් මොහු ක්‍රිකට් පොත අලුතින් ලියාවී කියා පසු ගිය දිනෙක ජාත්යන්තර විචාරකයන් පවා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් තවමත් 21 හැවරිදි මොහු අකාලයේ අත්නොහැරිමට තේරීම් කමිටුව කටයුතු කරනු ඇතයි විශ්වාස කරන අතර ඔහු ඔහුගේම වාර්ථා රැසක් බිහි කරනු ඇතයි අප කාගේත් විශ්වාසයයි.

කසුන් මධුසංක

No comments:

Post a Comment