Thursday, July 7, 2016

අපේ ෆෑන්ස්ලා............

විටෙක,කුසල් අනිවා ඕපන් ගස්සන්න ඕනේය, කුසල් ටීම් එකේ ඉන්න එකත් අනික් උන්ට හයියකි. අපේ ගැලවුම් කාරයාය.
තරගාවලිය ෆේල් වීමෙන් පසු, කුසල්ට දැන් ටීම් එකේ තැනක් නැත. ඉවත් කළ යුතුය. පොල් අඩිකාරයො වැඩක්ම නැත..
විටෙක,ගුණතිලක යනු ගොට්ට අල්ලා ආපු එකෙකි, තේරීම් කමි‍ටුව එක්ක අනියම් සම්බන්ධ පවත්වා යෑම නිසා ආපු එකෙකි. තරංගග‍ේ මාරයාය.
තරග දෙකක ලකුණු ගත් විට, කඩුලු 2ක් ගත්විට ගුණේ යනු Next ඩිල්ෂාන්ය. අනිවා ඉන්න ඕන එකෙකි. කුසල් ඉවත් කර ගුණයව තියා ගත යුතුය.

විටෙක සීක්කු යනු අපේ රටේ හොදම ප්‍රහාරකයාය. එයට විරුද්ධ අදහස් ප්‍රකාශ කළ විට අපේ දෙමව්පියන් සිහි කළේය.
අද තරගාවලිය අවසාන වන විට සීක්කු යනු පොල් අඩි කාරයෙකි.  පිනට ටීම් එකට ගත්ත එකෙකි. එදා වැදුනෙත් කනාවට ගහපු ඒවාය.

විටෙක මහරූෆ් යනු මාර වැඩ්ඩෙකි. ඩොමෙස්ටික් වැඩ පිට වැඩ දැම්මත් තේරීම් කමිටුව පොට්ට නිසා කණ්ඩායමට නොගන්න අවාසනාවන්තයෙකි.
අද හරියට බෝල් කරන් නැති,හරියට ෆීල්ඩ් කරන් නැති, හරියට බැට් කරන් නැති මහරූෆ්ව ටීම් එකට ගත්තේ සහජීවනයටය, ටීම් එක කන්න ගත්ත එකෙකි.

මේ ටිකක් පමණි. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ය. මාලිංග රටට මුකුත් කරල නෑ කිව්වේ මොවුන්ය. චන්දිමාල්ට බිංදුමාල් කිව්වෙත් තිරිමාන්නට පදිරිමාන්න කිව්වෙත් මොවුන්ය. පුදුම විය යුතු නැත.

ඔබට අද කුණු බැනුම් බනින අයට ඔබව හෙට වීරයෙක් විය හැක.

එසේම ඔබට වීරයෙක් ලෙස සලකන අයද හෙට ඔබට කුණු බැනුම් බනිනු ඇත.මොකද මේ ශ්‍රී ලංකාවය.

ඉන්දියාවෙ ෆෑන්ස්ලට අපේ ෆෑන්ස්ලව ආදර්ශයට ගන්න කිව්වේ ඉස්සරය. දැන් දෙගොල්ලොම එකය. තව නැත්තේ ගෙවල් වලට ගල් ගැසිම සහ ෆොටෝ පිච්චීම පමණි. එයද ලගදිම වනු ඇත.

නියම ක්‍රිකට් ලෝලීන්ද නැත්තේම නැත. බෙහෙවින් අඩුය.

 - නෙහාන් රවිසර

No comments:

Post a Comment