Sunday, July 3, 2016

ඇන්ජෙලෝ මැතිව්ස් වෙත ලියමි

සංගක්කාර,මහේල ඉන්න කාලෙ ඉදන්ම මම කැමතිම ක්‍රීඩකයා ඔබය.
සංග මයියා මුල් ටික ගහල දුන්නට පස්සෙ බෝලස්ල එක්ක එකතුවෙලා ගේම ඉවර කරපු විදිහ තාම අමතක නැත.මැද ඕවර්ස් වල පන්දුවාර ටික දාල අඩු ලකුණු ගානක් දීල විකට් එකක් දෙකක් අරන් දීපු හැටිත් ආසාවෙන් බැලුවෙමි.

2011 ලෝක කුසලාන අර්ධ අවසාන තරගයෙදි අපිව දිනවා. ආබාධයකට ලක් වූ විට අවසාන මහා තරගය සදහා ඔබ අහිමි වූ විට කණ්ඩායමේ ස්ථාන 2කක වෙනස් කම් දෙකක්ම කරන්නට සිදු වූවේ ඔබේ සේවය එතරම්ම කණ්ඩායමට වටින නිසාය.
එදා හඹා යෑමට අපහසුවක් නැති වන්කඩේ ක්‍රීඩාපිටියේදී පැවති අවසන් තරගයේදී කාසිය වාසිය දිනූ විට මුලින් පන්දුවට පහරදෙන්නට තීරණය කිරීමට ඔබ නැති අඩුව දැඩ් බලපෑ බව සංගා වරෙක කියූ හැටිද මතකය.
වරෙක අඩු ලකුණු ගානකට කඩුලු 08ක් වැටී කැන්ගරුවන් ජයග්‍රහණය අතේ තියන් සිටි මොහොතක මාලිංග සමග එක්වී කැන්ගරුවන් අන්දමන්ද කරමින් අපිව දිනවපු හැටිත්,
2014 පළමු වරට එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් දිනවීම සදහා ඔබ පිත්තෙන් ලබා දුන් දායකත්වයත් අමතක නැත.
නමුත් ප්‍රශ්නයක් ඇත.ඔ‍බේ නායකත්වයයි.කණ්ඩායම තේරීමේ සිට පිතිකරණ සංයුතිය තේරීම,පන්දු යවන්නන් යොදවා ගැනීම,පන්දු රකින්නන් යෙදවීම වැනි සියල්ලේදී ඔබ අසාර්ථක බව ඕනෑම කෙනෙකුට පෙනෙන සත්‍යයි.
අපිට එය කීමට සුදුසුකම් නැති බව ඇත්තය.හැබැයි ලංකාවෙන් බිහිවූ විශිෂ්තම නායකයෙක් වන මහේල ජයවර්ධන ඔබගේ තීරණ වල වැරදි පෙන්නන විට,ලංකාවෙ ඉන්න හොදම පුහුණුකරුවන් ඔබේ නායකත්වය විවේචනය කරන විට ඒවා නිකන්ම නිකන් තරහ පිටකිරීමක් කියා අහක දැමීමට නොහැකිය.
සංගක්කාර,මහේල,මාලිංග එකවරම ඔබට නැතිව ගියපසු ඔබ අසරණ වූබව අපි දනිමු නමුත් නායකත්වයේ දුර්වලතාව යැයි මම සලකන්නේ තරග පැරදීමම නොවේ.
ඔබත් සමග මාගේ කිසිදු තරහක් නැත.අදටත් මම කැමතිම ක්‍රීඩකයාද ඔබය.
නමුත් තරගාවලියක් ඉවර වූ විට මොකක් හරි කතාවක් කියා ඇග බේර ගන්න‍ා ඔබ ඊලග තරගයේදිත් ඒ වැරදිම කරන ආකාරය අවුරුදු 03ක් ඉවසන් බලා සිටියෙමි.දැන් හොදටම ඇතිය.
කණ්ඩායම අසාර්ථක වන විට පලා නොයා දිනන මාවතට එන තෙක් කණ්ඩායම සමග රැදී සිටිය යුතු බව ඔබ කිව්වේ කුමන අදහසකින්දැයි නොදනිමි.
ඩිල්ෂාන් මෙන්ම ක්‍රිකට් ලොව අමතක කරත් මේ ලෝකයේ විශාල බලතල දැරූ නායකයින් තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටුකරගැනීමට නොහැකිවූ විට ඉල්ලා අස්වූ අවස්ථා එමටය.
නායකත්වයට සුදුසු කෙනෙක් තමන් දැක්කොත් නායකත්වයෙන් ඉවත් වන්නට සූදානම් බවට ඔබ කළ ප්‍රකාශයක්ද දුටුවෙමි.ඒවානම් ටිකක් ලොකු කතාය.ඔබ දිගටම යමකදී අසාර්ථක නම් එයින් ඉවත් වී සුදුසු කෙනෙකුට ඊට පත් වීමට ඉඩ සැලසිය යුතුය.පත් කරන්නේ කවුද,නායකත්වයට සුදුසු කවුද යන්න අදාළ නිළධාරීන් තීරණය කරනු ඇත.එය ඔබේ රාජකාරිය නොවේ යැයි සිතමි.
දකුණු අප්‍රිකාව ටෙස්ට් ශේණිගත කිරීම් වල ඉහළටම ගෙන ආ එරටින් බිහිවූ විශිෂ්ඨම නායකයෙක් වන ස්මිත් නායකත්වය බාරගන්නා විට ඔහු ක්‍රීඩා කර තිබුනේ ටෙස්ට් තරග 07ක් පමණි.වයස 22ක් පමණය.
මේ පැවසුවේ මා දන්න‍ා දේය.මා වැරදි විය හැකිය.
ඔබ තරගාවලිය පුරාම ගත් වැරදි තීරණ ක්‍රිකට් ලොව විස්තර විචාරකයන් හාස්‍යට ලක් කළ හැටි කණගාටුවෙන් බලා සිටියෙමි.ඔබ එසේ හාස්‍යට ලක්විය යුතු ක්‍රීඩකයෙකු නොව අපිට සිටින වටිනා සම්පතකි.අද අපේ පිතිකරණයේ දැවැන්ත බරක් අදින්නේ ඔබය.දිනෙක සංගක්කාර,මහේල තරමටම වීරයෙකු වනු ඇත.එසේ වනතෙක් බලා සිටිමි.
ඔබ අසාර්ථක වන්නේ නායකත්වයේදී පමණි.තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඔබ අතිසාර්ථකය.
නමුත් ඔබ දිගින් දිගටම අසාර්ථක නායකත්වයේ රැදී සිටීමට උත්සහ කළහොත් අද නායකත්වය සංවරව විවේචනය කරන ඔබට වීරයෙකු ලෙස සලකන අයද ඔබට එරෙහිවනු ඇත.එවිට ඔබට එල්ල වන මානසික පීඩනය නිසා ඔබ සාර්ථක අංශද අසාර්ථක වීමට ඉඩ ඇත.
නායකත්වයෙන් අසාර්ථක විට මහත්මයෙකු ලෙස එයින් ඉවත් වී ඉදිරියටත් ඔබ අපේ හිත් තුළ වීරයෙකු වනු ඇතැයි දැඩිව සිතමි.
ඔබ පැමිණි දා සිටම කැමතිම ක්‍රීඩකයා ඔබ වූ ඔබගේ ෆෑන් කෙනෙකුගේ ඉල්ලීමකි.

 - නෙහාන් රවිසර

3 comments:

  1. එකග නැත.. චන්දිමාල් හැර සෙසු ක්‍රීඩකයින් කණ්ඩායමේ ස්තීර ස්තානයක් සදහා තරග කරන අවදියක මැතිව්ස් නායකත්වය හැරයාම තවත් ගැටලුවක් පමණි

    ReplyDelete
  2. ඔව්... එකඟ නෑ. මැතිව්ස්ට තව චාන්ස් දෙන්න ඕන

    ReplyDelete
  3. ඇන්ජි හොදයි බන්

    ReplyDelete