Thursday, June 30, 2016

තිත්ත ඇත්ත - වැරැද්ද ආයෙ නොවන්නට

මම ක්‍රිකට් බලන්න ගත්ත දවසෙ ඉදන්ම ක්‍රිකට් ලෝකෙ වීරයො වුනේ සනා,මයියා,සංගා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කියනකොටම මතක් වුනේ මේ තුන් දෙනා.අපිව ලෝක කුසලාන 5ක අවසාන මහා තරගයට කැදවාගෙන ගියෙ එයින් එකක් දිනල දුන්නෙ සංග මයියගෙ දැවැන්ත අත්වැලෙන්.පෞද්ගලිකව මම අදටත් වීරයො විදිහට සලකනවා.

හැබැයි මේ දෙන්න අතරින් සහ එවකට කණ්ඩායමේ තේරීම් කමිටුව මගින් පොඩි වැරැද්දක් වුනා.ඒක දැන් ලොකුවට බලපානව අපිට.
ඒ තමයි 2015 WC එකෙන් පස්සෙ විශ්‍රාම යනකන්ම ටීම් එකේ කොදුනාරටිය වන අංක 3,4 ස්ථානයේ ක්‍රීඩා කිරීම.මහේල ජයවර්ධනනම් යම් කාලයක් අංක 5ක් ක්‍රීඩා කරා චන්දිමාල්ට අංක 4දීල.
කොහොම හරි අඩුගානෙ බංගලාදේශ වගේ තරගයකවත් අපේ අළුත් කෙනෙකුට ඉස්සරහින් ගහන්න දෙන්න තිබුනා.තිරිමාන්නට වගේම චන්දිමාල්ටත් අහිකුණ්ඨිකයන් වගේ තැන තැන ගහන්න වුනා.ඔවුන්ගේ සමකාලීනයන් වන කෝලි වැන්නවුන්ට දිගටම නිශ්චිත තැනක් දීපු එකේ ප්‍රථිපල පේනවනෙ.
දැන් කුසල් මෙන්ඩිස්ටවත් ඒ වාසනාව ලැබේවි කියල හිතනවා.
ඇන්ජෙලෝ මැතිව්ස් ,කුසල් පෙරේරා ටීම් එකට එනකොට ආවෙ නිශ්චිත තැනකට ඒකෙ ප්‍රථිපල පේනවනෙ.හැබැයි එදා ඉස්සරහ ගැන හිතන් නැතුව ඒ කාල වල ඒ ඒ තරගය දිනාගන්න අළුත් ක්‍රීඩකයො තැනින් තැනට දැම්මා.
චන්දිමාල් සහ තිරිමාන්න අංක 1 සිට අංක 9දක්වා හැමතැනම ගහල තියනවා දන්න තරමින්.
මුල් කාලෙ එක වගේ දස්කම් දක්වපු කෝලි සහ අපේ ක්‍රීඩකයො අතර දැන් තියන පරතරයට සෘජුව ඔය දේ බලපෑවා.
ඔය වැඩෙන් සහ පුහුණු කරුවන්ගේ අවිදිමත් වැඩ නිසා අන්තයටම වැටුන චන්දිමාල් ආයෙ අළු ගසා දාල නැගිටල තියනවා.දැන්වත් දිගටම අංක 4 දෙයි කියල හිතනවා.අනික් කෙනා තිරිමාන්න ඔහුවත් විනාශ කරන්න ඔය දේ සෘජුවම බලපෑවා.
මේකයි කියන්න හදන්නෙ.
දැන් 90%ක් දෙනා කියනවනෙ තරංගව ඕපන් එවන්න ඕනෙ කියල.මාත් මුලින් කිව්වා හැබැයි ටිකක් හිතල බලපුවම මට හිතෙන්නෙත් තරංගට ඕපන් එකට වඩා මැද පෙළට සුදුසුයි කියල.ඒ කියන්නෙ අංක 7,8 නෙමෙයි.අඩුගානෙ අංක 5වත් දෙන්න ඕනෙ.තරංගත් කියල තිබුනා එක පාරක්, මැද පෙළ ගහන්න අකමැත්තක් නෑ,අළුත් ක්‍රීඩකයොන්ට දක්ෂතා දක්වන්න අවස්ථාවක් දෙන්න ඕනෙ කියල.අනිත් එක තරංගගෙ අවුල තියෙන්නෙ බෝලෙ ස්විංග් වෙනකොට ස්ලිප්ල අතට කැච් එකක් එක දෙන එකනෙ.ඕපන් කරපු අන්තිම තරග 10යෙ සාමාන්‍ය 13ක් වගේ.හැබැයි මැදපෙළට අංක 5ට වගේ සෙට් වෙයි කියල හිතන්න පුළුවන්.එතකොට බෝලෙත් පරණයි.
මට හිතෙන්නෙ 2019 Wc එක හිතේ තියන් දැන්ම ඉදන් ධනුෂ්කට ඕපනර් කෙනෙක් විදිහට දස්කම් දක්වන්න විශ්වාසය ගොඩනගන එක වටිනවා.කුසලත් එක්ක ධනුෂ්ක Open හදාගත්තනම් හරි.
Kusal,Danushka,Kusal,Chandimal,Tharanga,Mathews,Dasun,Thisara,, මෙහෙම උනොත් අවුලක් නෑ නේද?
තව දෙයක් කියන්න ඕනෙ.දවසින් දවස ක්‍රීඩකයො මාරු කරකර නම් ටීම් හදන්න බෑ.එක සීරියස් එකක් ෆේල් වුන ගමන් අයින් කරන් නැතුව ක්‍රීඩකයා තුළ විශ්වාසයක් ගොඩනගන්න ඕනෙ.
ඒකෙන් ඒ කාල සීමාව තුළ ලකුණු අතර ඉන්න ක්‍රීඩකයකුට අවාසියක් වෙනවා කියල කෙනෙක් කියන්න පුළුවන්.අපිට ටීම් එකක් හදාගන්නනම් එහෙම කරන්නම වෙනවා.එතරම් තීරණාත්මක නොවන තරග සහ බංගලාදේශය සිම්බාබ්වේ වැනි තරගාවලි වලදී වෙනත් ක්‍රීඩකයන් ආදේශ කර දෙවන පෙළක් සාදා ගන්න පුළුවන්.
 - නෙහාන් රවිසර

No comments:

Post a Comment