Wednesday, June 14, 2017

චැම්පියන්ස් ටොපියත් ඉවරයි, හොඳම සෙල්ෆිය කාගේද ?

සුවසහක් සිරි ලංකා ක්‍රිකට් ප්‍රේමීන් චැම්පියන්ස් කුසලානය සමග සිරි ලංකා පිල කටුනායකින් ගොඩබසිනු ඇතැයි දෑස් දල්වා බලා සිටියද වසර කිහිපයක ක්‍රිකට් කෙරුවාව පිළිබඳ අවබෝධයක් ඇත්තෙකුට තරගාවලිය අතරතුරම සිරි ලංකා කණ්ඩායම කටුනායකින් ගොඩබැසීම පුදුමයට කරුණක් නොවේ.
අපේ බලාපොරොත්තු ඉහටත් උඩින් තෘප්ත කිරීමට මැටිවුස් ප්‍රමුඛ සිංහ පෝතකයන් සමත් වී ඇත. තරග තුනම කුජීත වෙන්න පරදිනු ඇතැයි බලාපොරොත්තු වුවද ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණය කිරීමට හා පකිස්තානයට එරෙහිව සටනක් දී පරාජයට පත්වීමට අපේ කණ්ඩායම සමත් විය. 'උන්න හැටියට මළා මදැයි' කියන්නා සේ ස්කොට්ලන්තයටද පරාජය වී චැම්පියන්ස් ටොපියට ගිය අපේ කණ්ඩායමේ දක්ෂතා ඉහටත් උඩින්ය.

හරිහැටි දේශීය සීමිත ඕවර් තරගාවලියක් පවා නොපවත්වා, ක්‍රිකට් පුහුණුවීම් වෙනුවට ස්විමිං පුහුණුවීම් සිදුකර, සෙල්ෆි කලාවේ පරතෙරට පැමිණි කොල්ලන් රෑණකගෙන් චැම්පියන්ස් ටොපිය බලාපොරොත්තු වීම මරි මෝඩ බලාපොරොත්තුවකි. එය ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තුවීමකි.

මේ වනවිට දේශීය තරග මට්ටම අන්තයටම පිරිහී ඇති අතර ඉන්දියාවේ ප්‍රාන්ත ඇතුළත ද ඊට වඩා සාර්ථක තරගාවලි පැවැත්වෙන බව නොරහසකි. ඉතින් එවැනි මට්ටමකින් තෝරා ගන්නා ක්‍රීඩකයන් පිරිසක් ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා කිසිසේත්ම සුදුසු නැත.

සිරි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බොහෝ දේ කරයි. සෙල්ෆි ගැනීම, ක්‍රීඩකයන් අතර සුහදතාවය ඇති බව ඒත්තු ගැන්වීම, පන්සල් යාම, සෝෂල් මීඩියා හරහා ජනප්‍රිය චරිත බවට පත්වීම ඉන් කිහිපයකි.

එහෙත්..... සිදු නොකරන එකම දේ පුහුණුවීම් ය. චැම්පියන්ස් ටොපි තරගාවලිය අතරතුරදී වාර්තා වූයේ පන්දු රැකීමේ පුහුණුකරු ක්‍රීඩකයන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන බවකි. මෙම පුවත කෙතරම් සත්‍යදැයි දන්නේ නැත. එහෙත් අතීත සිදුවීම් සිහියට නගාගැනීමේදී හා වත්මන් කණ්ඩායමේ සාමාජිකයන් පන්දු රැකීමේදී පෙන්වන අතිවිශිෂ්ට දස්කම් සහ සුවිශේෂී හැකියාවන් දෙස බැලීමේදී එම පුවත සම්පූර්ණ සත්‍ය බව වැටහේ.

පුහුණුකරුවන්ට ද සුදු අන්දවා මහනුවර ගොස් දළඳා ආශිර්වාදය ලබාගැනීමෙන් ජාත්‍යන්තර කණ්ඩායම් පරාජය කළ නොහැකි බව දැන්වත් තේරුම් ගත යුතුය. පැවැත්වූ පුහුණු සැසිවලදී ලබාගත් ඡායාරූප, කණ්ඩායමේ සහයෝගය ඔප්නැංවෙන ඡායාරූප සෝෂල් මීඩියා හරහා ප්‍රසිද්ධ කිරීමෙන් තරග ජයගත නොහැකි බව දැන්වත් තේරුම් ගත යුතුය. සිය පවුලේ සාමාජිකයන් එකට සිටින ඡායාරූප ප්‍රසිද්ධ කර පට්ට ආදරණීයයන් බව ප්‍රේක්ෂකයන්ට තහවුරු කිරීමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සිදුවන ලබ්බක් නොමැති බව දැන්වත් තේරුම් ගත යුතුය.

සිරි ලංකා ජාතික කණ්ඩායම චැම්පියන්ස් ටොපිය පැත්ත පලාතේ යැවීම ම අමුම අමු මෝඩකමකි. ඔවුන් යවන්නට තිබුණේ සෙල්ෆි තරගාවලියකටයි.

එසේ යැව්වා නම් ඩෙෆිනීට්ලි අපේ එවුන් සියලු ඉසව් ජයග්‍රහණය කරනු ඒකාන්තය.......... ඒ තරමටම අපේ සිංහ පෝතකයන් ක්‍රිකට් කෙසේ වෙතත් සෙල්ෆි කලාවේ කෙළ පැමිණියවුන් ය.

නාකියා

3 comments:

  1. පුක නොදී පල පොන්නයා

    ReplyDelete
    Replies
    1. මං බැලුවා ඒත් ඇයි මෙච්චර පරක්කු කියලා....

      Delete
  2. ඇත්තම තමයි...:)

    ReplyDelete