Sunday, February 26, 2017

හේරත් කැප්ටන් කිරීමේ අරුමය........

ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් ආබාධිත තත්වයේ සිටීම හේතුවෙන් රංගන හේරත් ඉදිරි ටෙස්ට් තරගාවලියේ නායකත්වයට පත්කර තිබේ. පසුගිය සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේදීද මෙවැනිම දෙයක් සිදුවිණි. ඇන්ජලෝ මැතිව්ස් ආබාධ හේතුවෙන් අදාල සංචාරයට සහභාගි නොවූ අතර එවකට උපනායක දිනේෂ් චන්දිමාල් ද ඒ වනවිට සිටියේ ශල්‍යකර්යකට භාජනය වී සුව අතට පත්වෙමිනි. ඒ අනුව තේරීම් කමිටුවේ එකම විකල්පය වූයේ රංගන හේරත්ය.

ඉන්දියානු විරෝධය.............

ඉන්දු-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව අන්ත පරාජයක් ලැබූ අතර එය ශ්‍රී ලංකා බුකී ක්‍රිකට්ලෝලීන්ගේ අමන්දානන්දයට හේතුවී තිබේ. අනෙක් පැත්තෙන් මීට සතියකට පෙර ක්‍රිකට් ලෝලීන්ගේ සතුරා වූ කැන්ගරුවන් මේ වනවිට වීරයන් වී තිබේ.