Tuesday, May 31, 2016

දිනන්නට ඇවසි නම්‬

මෙය අදට ගැලපෙන පෝස්ටුවක් දැයි නොදනිමී...කාන්තාරයට වැටුනු දිය පොදක් වන් ශ්‍රී ලංකා දෙවන ඉනිමෙන් හා චංදිමාල්ගේ ශතකයෙන් උදම්වී සිටින අප ක්‍රිකට් රසිකයන්ට ඊයේ හා අද තිබෙන තත්වයන් නිසා අපේ ක්‍රිකට් ඊයේට පෙර තිබූ තත්වය අමතකය(බහුතරයකට අප පිල දැන් සුපිරි ටෙස්ට් පිලකි)



පකිස්තානු,ඉංදියානු,නවසීලන්ත තරගාවලි පරාජයවී දළ බිදුනු කොදෙව් තරගාවලියපමනක් ජයගන සිටි අප කන්ඩායම ඉදිරියේදී ගොඩනැගිය යුත්තේ කෙසේද..??

මෙය විසදීමට ප්‍රදාන ක්‍රම තුනක් ඇත...

(1).වර්තමානයේ ක්‍රීඩාකරන කන්ඩායම පිලිබද විශ්වාසය තබා ඔවුන්ට තව දුරටත් අවස්තාව ලබා දීම...

(2).අසාර්තක වීම හෝ ආබාධ නිසා කන්ඩායමෙන් ඉවත් කර ඇති දස්කම් අතර සිටින ක්‍රීඩකයින්ට යලි අවස්තාව ලබාදීම..
"ෆර්වීස් මහරූෆ් ,තරංග පරනවිතාන,උපුල් තරංග,සුරාජ් රංදීව්,දිල්හාර ප්‍රනාන්දු,තිලාන් තුශාර,චාමර සිල්වා,ජෙහාන් මුබාරක්,මහේල උඩවත්ත,ජීවන් මෙන්ඩිස්,අජන්ත මෙන්ඩිස්...." වැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් වර්තමාන දස්කම් අනුව යොදාගත හැක....

(3).නවක ක්‍රීඩකයන් සමග නව ගමනක් යාම
"ධනන්ජය සිල්වා,කිත්රුවන් විතානගේ,අශාන් ප්‍රියන්ජන්,කසුන් රජිත,විශ්ව ප්‍රනාන්දු,මිනෝද් භානුක,ලහිරු මිලන්ත,රොශේන් සිල්වා,මලින්ද පුශ්පකුමාර,තරිදු කෞශ්‍යාල්,අකිල ධනන්ජය,නිරෝශන් දික්වැල්ල.." වැනි නවක ක්‍රීඩයන් එක් කර ගැනීම....

මෙම ක්‍රම තුනම භාවිතා කිරීමෙන් වඩාත් සුදූසු ටෙස්ට් කන්ඩායමක් සාදාගත හැකි වීමේ සම්භාවිතාවය ඉහලය...

අදට වඩාත් ගැලපෙන ටෙස්ට් කන්ඩායම කුමක්ද??

 - ඇපල් ආදිපාතුමා

No comments:

Post a Comment